Sunday, December 2, 2012

සොඳුරිය මට නොකියාම ගියා..!


මෙන්න මේ මොහොතෙ හා හා පුරා කියල යුනිකෝඩ් එසැනින් පරිවර්තකය හරහා මම මගේ බ්ලොග් පිටුවට ලියන පලවන ලිපිය මේ දැන් ආරම්භ කරනවා.. ගොඩවැදුනු හැමෝටම ආයුබෝවන්.. :)

ආදරය, ලොව පුරා ලිය වෙච්ච මිලියන ගනනක් කවි සින්දුවලට ප්‍රස්තුත කාරණය වෙලා තියෙනෙවා.ආදරය හින්දා අවදි වුනු කවි සිත් බොහෝමයි.ඒකම නිසා වෙන්න ඇති ආදරය යනු මානව සන්හතිය උරුම කරගත් මහර්ඝ දායදයක් විදියට කවියො එය හැදුන්වූයේ... 

ඒකෙනුත් අනු ප්‍රභේදයක් වන විරහව වඩාත් සන්වේදනාත්මකයි. විරහව කියන්නෙ ඇත්ත ජීවිතය තුල කවුරුත් විදින්න කැමති නැති දෙයක් වෙන්න පුලුවන්. ඒත් මිනිස් සිත තුල අප විසින්ම නිපදවා ගත්තු "ෆැන්ටසි" තුල විරහව විඳින්න අපි කැමති. විරහව මේ තරම් ජනතාව වැලඳ ගන්න හේතුව ඒක විදියටයි මම දකින්නේ... 

තමන්ගෙ ආදරය වෙනුවෙන් සමහර පෙම්වතුන් අනේකවිද කැපකිරීම කරද්දි, එහෙම කැපකිරීම කරගන්න බැරුව සදහටම තම ප්‍රේමයේ චිතකය දල්වපු පෙම්වතුනුත් ඕනතරම්. නොයෙක් කාරණා නිසා එහෙම වෙනවා. සමහර විට මව්පිය විරෝධය, ආගම් කුල බේද නිසා හෝ වෙනයම් හේතු නිසා වෙන්න පුලුවන්. ප්‍රේමයේ වියෝ දුක හෙවත් විරහව උපදින්නේ අන්න එතනදි .එහෙම හටගන්න විරහව නිසා කවියො වගේම ගේය පදරචකයො බවට පත් වුනු පුද්ගලයන්ද ඉන්නවා. අද අපිත් කතා කරන්න යන්නෙ අන්න එහෙම කතාවක් බොහොම සන්වේදි භාව ප්‍රකාශනයක් විදියට එලිදක්වන ගීතයකට. ගීතය තමයි 'එදා මෙදාතුර කඳුලට විවර වූ'. ගායනය සන්ගීත් නිපුන් සනත් නන්දසිරි. මේ සින්දුව ගැන කතා කරද්දි මම මූලික වරදක් කරනවා. ඒ තමයි මෙහි සන්ගීතවේදියා හෝ ගේය පදරචකයා හෝ කවුරුන්දයි මා නොදැන සිටීම. එක වතාවක මේක වෙළඳ සේවයේ ප්‍රචාරය වෙන අවස්තාවක පදරචකයාගෙ නම කියවුනත් ඒක මගෙ මතකයේ නැහැ. ඒක නිසා මුලින්ම ඒකට සමාවෙන්නය කියල කියනවා... පද පේලිය ගත්තොත් මෙන්න මේ වගෙ...! 

එදා මෙදාතුර කඳුලට විවරවූ 
දෑස් පියන්පත් කවුළු වසා 
ළයේ ගලා ගිය සෙනේහයේ සුව 
සිනා පෙරූ රත් දෙතොල පියා... 

මිලාන වී ගිය රෝස කුසුම් පෙති 
කම්මුල් සුදු මැලි පාට පොවා 
දෑත ළයේ බැඳ අවසන් ගමනට 
සොඳුරිය මට නොකියාම ගියා... 

දැස් කවුළු පත් පලා කඳුළු කැට 
වැහෙද්දී මගේ දෑස් අගින් 
කාත් කවුරුවත් වෙතත් හිතයි මට 
පාත් වෙන්න ඔය මුවට උඩින්... 

ඈත්ව යන්නට සමුගෙන කවුරුත් 
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින් 
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි 
ඈත්නොවේමැයි ඒ සුවඳින්...
 
ඊයේ ඉපදී අද මිය යන්නට 
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි 

ආදර ලොකය හෙටත් තියේ....

ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..

ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..

වී අපි ඉපදෙමු එකට ප්‍රියේ..

 ගීතයත් පොඩ්ඩක් අහල ඉන්නකො..

"එදා මෙදාතුර" ගීතය මෙතැනින්

 පසුබිම් කතාවත් කියලම මේක ගැන කතා කරන්න හිතුවා. මේ ගීතය ලියවිල තියෙන්න සත්‍ය සිද්ධියක් හේතු කරගෙන ආධුනික පදරචකයෙක් අතින්. සන්ගීත් නිපුන් සනත් නන්දසිරි තුමන් ව හම්බවෙන්න ආපු මේ පුද්ගලයා ආරන්චි විදියට දුම්-රිය පළක ස්ථානාධිපති කෙනෙක්. මේ කෙනා මේ පද පේලිය ලියුව කරදහිය සනත් නන්දසිරි ට දීලා කියල තියෙනව "මහත්තයෝ මේ මම ලියන අන්තිම සින්දුව.මම අයෙත් සින්දුලියන්නෙ නැහැ. පුලුවන් කමක් තියෙනවානම් ඕක කියන්න" ය කියල... සනත් නන්දසිරි හොඳින් පැදි පේලිය කියවල අහනවා "ඇයි මේ වගෙ දෙයක් ලියන්න හේතුව" කියල. පිලිතුර වෙන්නෙ "ඕක මගෙ ඇත්ත අත්දැකීම" යන්න පමණයි...

කතා නායකයා දහසක් බලාපොරොත්තු තියාගෙන තම පෙම්වතියට අසීමිත ලෙස ආදරය කරපු තවත් එක් පෙම්වතෙක්. ජීවිතෙ මොන ප්‍රශ්න ආවත් තම ආදරය හැර නොයන්න මේ දෙදෙනා ගිවිස ගන්න ඇති. ඒත් මාපිය පාර්ශවයෙන් මේ දෙන්නට කිසිම බුරුලක් හමබවෙන්නෙ නැහැ. දෙමව්පියන්ගේ බලපෑම නිසාම මේ තරුණියට සම්බන්ධය නවත්තන්න වෙනවා... 

 ප්‍රේමයේ නාමයෙන් සිදුවුනු පොරොන්දු තමා අතින්ම කඩ කෙරෙනකොට ඒ වරද තවත් ඉවසා දරාසිටින්න ඇයට බැහැ. අපේක්ෂා භන්ගත්වය උපරිමයි. අවසන් ප්‍රතිපලය වෙන්නෙ තමාට තවදුරටත් පොලෝ තලයෙ ජීවත් වෙන්න ඇති අයිතිය තමන් විසින්ම උදුරා ගැනීම....ඔව් තරුණිය සියදිවි නසා ගන්නවා..! 

අපේ කතා නායකයා, ඒ කියන්නෙ පෙම්වතා මේ කිසි දෙයක් දන්නෙ නැහැ. ඇත්තම කිව්වොත් ඔහුත් ඇයගේ ගෙදර හා සම්බන්දයක් තිබිලා නැහැ. ඒත් හදිස්සියේම තරුණියගෙ පියා මොහුට වහාම එන්න කියලා පණිවිඩයක් එවනවා. මොහු ඒ වෙලාවෙ අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත් වෙනෙවා.මොකද කියනවා නම් ඔහු හිතාගෙන ඉන්නේ මේ කතාකරන්නේ කාලයක් තිබ්බ විරෝදකම් අහවරක් කරලා කැමැත්ත දෙන්න තමයි කියල. ඒත් ගේ ඉස්සරහ සුඩු කොඩි..! තරුණයට මතක් වෙනෙවා පෙම්වතියගෙ ආච්චි ගොඩක්ම වයසයි කියල. ඔහු ගෙට ගොඩ වෙන්නෙ තම පෙම්වතියගෙ මියගිය ඤාතියාට ගෞරව කරන්න... 

ඒත් ඔහුගේ ජීවිතය හා බැඳිච්ච දෛවය ඔහුට කොච්චර අකාරුණිකද කියනව නම් ඔහුට අවසන් ගෞරව දක්වන්න වෙන්නෙ තාමගෙම ආදරණීය පෙම්වතියට.ඒ වෙලාවෙ ඔහුගෙ සිතට ඇතුළුවන හැඟීම් සමුදාය තමයි මේ විදියට මේ විදියට ගීතවත් වෙන්නෙ... කතාවේ අවසන් කොටස කියුවෙ නැතත් ඊට ඉස්සෙල්ලා මම ගීතය දිහාවට පොඩ්ඩක් හැරෙන්නම්...

එදා මෙදාතුර කඳුලට විවරවූ දෑස් පියන්පත් කවුළු වසා - ළයේ ගලා ගිය සෙනේහයේ සුව සිනා පෙරූ රත් දෙතොල පියා... 

මිලාන වී ගිය රෝස කුසුම් පෙති කම්මුල් සුදු මැලි පාට පොවා - දෑත ළයේ බැඳ අවසන් ගමනට සොඳුරිය මට නොකියාම ගියා... 


 තම ආදරණීය ප්‍රේමවන්තිය නොකියාම අවසන් ගමන් ගොස් ඇත. මෙතුවක් කාලයක් පුරාවට කඳුළු හැලීමටම ඇරුණු කවුළු පියන්පත් වසා දමා, හදවතේ රැව් පිලිරැව් දුන් ප්‍රේමයෙන් ඔකඳව සිනා පෙරූ රතු දෙතොල වසා දමා ඇය යන්න ගොස් ඇත. රෝස පැහැති දෙකොපුල් මිලානව සුදුමැලිවන්නට හැර, දෑත ලයේ බැඳ අසීමිත දුක් ගොන්න මෙලොව ඉතිරි කරදමා ඇය යන්න ගොස් ඇත...

රචකයා ආධුනිකයයි කීවද උපමා රූපක භාවිතය ඉහල මට්ටම පවතින බව පේනවා. ඉතාම සරල වුවද වඩාත් ලගන්නා සුලු වගේම දුක්මුසු ස්වරූපයකින් ඔහුගේ කවි සිත තම පෙම්වතියගෙ මියගිය දේහය විස්තර කරනවා. ඒකට හොඳම නිදර්ශනය වෙන්නෙ රෝස පැහති කම්මුල් මිලාන වෙලා සුදුමැලි වෙලා තියෙනව බව ඔහු කියන විලාශය...  

දැස් කවුළු පත් පලා කඳුළු කැට වැහෙද්දී මගේ දෑස් අගින් - කාත් කවුරුවත් වෙතත් හිතයි මට පාත් වෙන්න ඔය මුවට උඩින්... 
ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින් - මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි ඈත් නොවේමැයි ඒ සුවඳින්...

 ඔබ වෙනුවෙන් මාගේ කවුළු පියන්පත් පලාගෙන කඳුළු වෑහෙද්දී ආදරයෙන් ඔබේ වත සිඹ ගැනීමට මට සිතෙන බැව් රචකයා පවසනවා. ඇත්තටම අපි ඕනතරම් දැකල තියෙනවා දේහය රැගෙන යන්න හදන අවස්තාවක මළ ගෙදරක ස්වරූපය, පවුලෙ ආදරණීය හිතවතුන් දේහය බදාගෙන අඬා වැලපෙන හැටි. රචකයාගෙ හිතට එන අදහසුත් ඊට ගොඩක්ම සමානයි.

දැන් කවුරුත් ඔබ හැර යාමට සැරසේ..සුවඳ පැනින් ඔබේ දේහය ඔවුන් නහවනවා..එ නමුත් මට තවමත් ඔබේ සුවඳ දැනෙනෙවා..එ නිසාම මම කිසිදිනක නුඹේ සුවඳ හැර නොයමි..!

තම මියගිය පෙම්වතියට ඔහු තම ආදරභක්තිය මෙන්ම පාක්ෂිකත්වය පෙන්නන විදියත් මේ කොටසෙ තියෙන බව පේනවා. මේ පැදි පේලිය පුරාවට ඔහු ඔහුට විඳින්න වෙච්ච කටුකත්වය සම්බන්දයෙන් කාටවත් චෝදනා කරන්නෙ නැහැ. තාමට සිදුවුනු අකරතැබ්බිය බොහොම සන්වේදී ආකරයට විස්තර කිරීමක් පමණයි වෙන්නෙ...

 ඒත් "ඈත්ව යන්නට සමුගෙන කවුරුත් ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්" කියන වැකියෙ වේදනාව මුසු වෙච්ච සියුම් උපහාසයක් තියෙන බවක් හිතෙනෙවා. මේච්චර කාලෙකට ඇගෙ ජීවිතය සුවඳවත් කිරීමට උත්සුක නොවිච්ච සමාජය අද ඈ මිය ගිය පසු සුවඳ පැනින් දේහය නහවනවා. ඒ චෝදනාව ඈව තෙරුම් නොගත් දෙමාපියන් කෙරෙහි එල්ල වුනු එකක් වෙන්නත් පුළුවන්...

මේ තරුණියගෙ මරණයෙන් පස්සෙ අපේ කතානායකයා ජපානයට යනවා. ඒ සමහර විට වෙනත් ජීවිතයක් ආරම්භ කරන බලාපොරොත්තුවෙන් වෙන්න ඇති. ඒත් ඔහුට ඇගෙන් තොර වෙනත් ජීවිතයක් නැති බවයි පේන්නේ. ඒ කාලෙ වන විට මේ සින්දුව පටිගතකරලා ගුවන් විදුලියෙ විකාශනය වෙනෙවා. ආරන්චි විදියට හරියට එක වතාවක් මේ සින්දුව ඇහුවයින් පස්සෙ ජපානයේදිම අපේ කතානායක තරුණයා සෙසු ලෝකයාට ආයුබොවන් කියමින් සියදිවිහානි කරගනිමින් ජීවිතයට සමුදෙනෙවා. තම ජීවිතයේ සියලු බලාපොරොත්තු ඇයට ඌණනය කල ඔහු ඇය නැතිවූ ජීවිතයක වේදනාව විඳලා කෙටි කලකින් තම ප්‍රේමවෘතාන්තය ඹේදාන්තයකින්ම අවසන් කරන්නෙ ඔන්න ඔය විදියට...

සමහර විට "ආයේ දවසක එක හිත් ඇත්තන්..වී අපි ඉපදෙමු එකට ප්‍රියේ" කියල මතු ආත්මෙදි හමුවෙන නියාවෙන්ම ඇය සොයා ගිය ගමනක් වෙන්න ඇති...

ඒ මොනවා උනත් ජීවිතයේ හමුවෙන කිසිම අභියෝගයකට සියදිවි හානි කරගැනීම පිළිතුරු සපයන්නෙ නැහැ. ඒ නිසාම මේ සිදුවීම කාටවත් ආදර්ශයක් නෙමෙයි. නමුත් ඔවුන් තම ජීවිතයේ විඳපු කටුකත්වය ඔවුන්ව ඒ තීරණයට තල්ලු කලා වෙන්න පුළුවන්. සිය දිවි තොරකරගැනීම කිසිම ලෙසකට සාධාරණීකරනය කරන්න බැරි වුනත් අදාල පුද්ගලයට(සියදිවි හානිකරගන්නාට) ඒ අවස්තාව අනුව එම තීරණය ගැනීමට ඇති තරම් සාධාරණ හේතු ඇති බව බටහිර සමාජ විද්‍යාවෙ කියල ඇත්තෙ ඒ නිසා වෙන්න ඇති. ඉතින් තවදුරටත් මේ සම්බන්ධයෙන් විචාරය සහ කරුණු දැක්වීම ඔබ සතුයි. තවත් රසබර ගීයක අරුත් සොයා නැවත දවසක එන බලාපොරොත්තු ඇතුව ගිහින් එන්නම්... :) 

ජයවේවා...!

10 comments:

  1. සංවේදී ඇරඹුමක් !!..අකර්ශනියයි ..!!

    නව නළු රසයට අයිති නූනට විරහවත් "රහක්" ලු නේ...කදිම විචාරයකි. මා සොයාගත් පරිදි විමල් ජයශාන්ත යනු මෙහි රචකයා හෙවත් කතා නායකයා වේ ..දිගටම ලියන්න සහෝ..සුභ පැතුම්!

    ReplyDelete
  2. ඉතා හොඳ ආරම්භයක්....... දිගටම ලියන්න මගෙන් සුභ පැතුම්........

    ReplyDelete
  3. කලකට ඉහතදි නිතර නිතර රසවිදි ගී තනුවක මතකයන් නැවත සිහිපත් කරවීම ගැන සබද පල්ලෙගොඩ, ඔබට මගේ පණාමය. ගී තනුවත්, එයටම උචිත නන්දසිරි හඩත් සමග වැයෙන සප්තස්වර සංගීතය මොනවට රසවිද තිබූ මා හට ඔබ එක්කල අර්ථ රසය ගැන නම් කවර කතාවක්ද ? හරිම අගෙයි ...

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. හොඳ විචාරයක් ලලීන්...
    "ඒ මොනවා උනත් ජීවිතයේ හමුවෙන කිසිම අභියෝගයකට සියදිවි හානි කරගැනීම පිළිතුරු සපයන්නෙ නැහැ. ඒ නිසාම මේ සිදුවීම කාටවත් ආදර්ශයක් නෙමෙයි." මීට නම් සපුරා එකඟයි මමත්..

    http://nazier-adawiya.blogspot.com/2012/11/blog-post.html
    මේ ගීතයම අහලා කෙනෙක් ලියූ කෙටි කතාවක් අහම්බෙන් දුටුවා... එක් අපූරු නිර්මාණයක් තවත් නිර්මාණ සඳහා මුල් පාදන'යුරු දුටුවා ... :)

    ReplyDelete
  6. මෙහි රචකයා විමල් ජයශාන්ත බව පෙන්වාදුන් හිත මිත්‍ර චිරාන් රදම්පොලයන්ටත්, සරසවියේ කළා කටයුතුවල නමක් දිනා සිටි සඟයකු වන මනුප්‍රිය භානු සහෝටත්, මා නොදන්නා එනමුත් මගේ හිත දන්නා දොන් ගමගේ සහෘදයාටත්, සෑම විටකම අවන්ක අදහස් නොපැකිලිව නොමසුරුව ලබාදෙන හිතවතිය දෞපදීටත් ස්තූතියි... ඔබ ලබාදුන් සියළු අදහස් මාහට නිතැතින්ම ධෛර්‍ය සපයනු නොඅනුමානයි...

    මේ ගීතය ලියන විට මගෙ සිහියට නිතැතින්ම නැගෙන්නෙ මගේ සමීප හිතවතකු වන සී. පතිරණ බන්ඩාරයන්...! සරසවි ජීවිතයේ සුන්දර නවාතැන්පොල හෙවත් කොල්ලුපිටිය මුහන්දිරම් පාරේ, 205 - අපේ බෝඩිම්පළේ ඉඳගෙන හවස් වරුවේ මල්පැන් පොදියක උණුසුම විඳපු අවස්තා කීයකදි නම් උඹ අපිට මේ කතාවත්, මේ වචන වල තේරුමත් කියල දීල ඇත්ද? ඉතින් මම මේ සින්ඳුව ගැන කියද්දී උඹ ගැන නොලිය හොටියොත් ඒක අඩුවක්... ඔන්න මම ඒ අඩුව පිරෙව්ව... :)

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. Nice work Laleen.. Keep it up!... :)

    ReplyDelete
  9. http://www.silumina.lk/2010/07/25/_art.asp?fn=av1007258&p=1

    ReplyDelete
    Replies
    1. ඔබ ගීතයේ අර්ථයක උපරිම සාඩාරණයක් ඉටු කර තිබෙනවා නිසැකයි...

      ඒත් උඩ කී වැනි කතාවක් තිබෙන නිසා, එහි ඇත්ත නැත්ත දැන ගැනීමට ඇති හොදම තැන, ඔබගේ මෙම පිටුව බවට මම විස්වාස කරනවා.
      ඇත්තටම ගීතය මම මුල් වරට අසන විටම එක් පේලියක පද රචකයාට, තමන්ගේ ආත්මීයව බැදුනු පෙම්වතියගේ වියෝවේදී දැනෙන දුකට වඩා වෙනස් වූ දුකක් ඇති බව මට හැගී ගියා....

      "ආයේ දවසක එක හිත් ඇත්තන්.. වී අපි ඉපදෙමු එකට ප්‍රියේ..."

      ඔබට ජය පතමි...!

      Delete

Google+