Sunday, November 25, 2012

ඇරඹුම...!


 
මුලින්ම 'ගීයක මතක පොත'ට පිවිසෙන  සියලුම සහෘදයින් ඉමහත් ලෙන්ගතුකමකින් පිලිගන්නවා.!!!

සන්ගීතය අද සමාජයේ මිනිස් ජීවිත වලට ගොඩක්ම තදින් බැඳිලා තියෙන දෙයක්ය කියන එක මෙතැනට ගොඩවෙලා යන්න ආපු කලාකාමි හදවත් වලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපේ දුකට, සතුටට අපිට හිටිය බොහොම ලෙන්ගතු හිතවතා විදියටයි මම මේ 'ගීතය' දකින්නෙ.


ගීතයක් නිර්මාණය වෙන විදිය බැලුවත් ඒක හරිම අපූරු සන්සිද්දියක්.. කවුරු හරි කෙනෙක් තමන්ගෙ හිතට සන්වේදී වුනු මොනයම් කාරණාවක් හරි (මේක දුකක්, වේදනාවක්, විරහවක් සෙනෙහසක් වගෙම සතුටක් වෙන්නත් පුලුවන්) වචන වලට ගොනු කරනවා.. එහෙම හැදුන පදමාලාවකට තනුවක් නිර්මාණය වෙලා ඒ තනුවට ගැලපෙන විදියට සන්ගීතය මුසු වෙනවා.. අන්තිමට මේ විදියට හැදුනු ගීයට ගයකයගේ හඬ එකතු වෙනවත් එක්කම එම ගීයට හිමි අනන්‍යතාව ගොඩ නැගෙනෙවා.. ඉතින් ඔය විදියට පදරචකයා, සන්ගීත වේදියා සහ ගයකයා එකතු වෙලා ගීයට ප්‍රාණ වායුව පිඹිනවා.. කොටින්ම මේ තුන්කට්ටුව සුවහසක් ජනතාව ජීවත් කරවනවා..  මම එහෙම කියන්නෙ ඇත්තටම ඔබට හිතට දැනිච්ච, හදවත බොහොම ආදරයෙන් වැළඳගත්ත ගීතයක් ගත්තහම ජීවිතෙ කීවතාවක් නම් ඒ සින්දුව තමන්ගෙ හඬින් මිමිණිලා ඇත්ද?? මුලු මහත් ලන්කාවම ගත්තම දෙනෝදාහක් දෙනා ඒ ගීතය අප්‍රමාණ වතාවක් රසවිඳලා ඇති.. ඇත්තටම නිර්මාණයක් ජනතාකරණය වෙනවා කියන්නෙ ඒකයි...!


රසිකයා කොච්චර ආදරෙන් මේ ගීත වැළඳගන්නවද කිව්වොත් සමහරු "මේක නම් මටම කියාපු සින්දුවක්" කියල ඒ සින්දුවෙන් කියවෙන කාරණාවත් තම ජීවන අත් දැකීමත් සන්සන්දනයක යෙදෙනෙවා..

හැබැයි ගීයක් ගත්තම ඒකෙ නියම රසය ඉසමතු වෙන්න නම් මුලින් කියපු පදමාලාව, සන්ගීතය සහ හඬ කියන සන්-රචක තුනම සම්පූර්ණ වෙන්න ඕන. අපි ගොඩක් වෙලාවට හඬට, සන්ගීතයට ගොඩක් ඉක්මනට ප්‍රතිචාර දක්වනවා. පට්ට Music, Maxxa Voice කියල අපේ පරම්පරාවෙ උදවිය කියන්නෙ ඒ විදියට සන්ගීතයයි, හඬයි දිහා බලලා.. ගොඩක් වෙලාවට ගීයක යට වෙලායන  කොටස තමයි පදමාලාව.. සම්භාව්‍යය විදියට කිව්වොත් "ගේය පදරචනය".. 

එත් මම හිතන්නෙ වඩාත් ජීවිතයට සම්බන්ද වෙන ගීතයේ සන්වේදීම කොටස තියෙන්නෙ ඔය කියන පද මාලාව ඇතුලේ.. කවියා සමහර වෙලාවට ඒ විදියේ පදමාලාවක් තනන්න පෙලඹෙන විදිය හරිම අපූරුයි.. කවි සිත තුල තම ජීවන අත්දැකීම් පාදක කරගෙන හටගන්නා වූ අනේක විද දුක් දොම්නස් වගේම ප්‍රහර්ශයන් මේ විදියට නිර්මාණාත්මකව පදමාලවක් ලෙසින් කළ එළි බහිනවා.. අපිට නොදැනුනාට අපේ සින්හල ගීත ක්ශේස්ත්‍රය හොඳ සාරවත් වගේම රසවත් එකක්.. ඉතින් මේ බ්ලොග් පිටුවේ මූලික අරමුණ වෙන්නෙ විචාරයක් සමගින් පදරචකයන්ගෙ අනේකවිද ගීතයන්ට වස්තු බීජ වෙච්ච ඒ ඇතුලාන්තය ගවේශණය සහ ඇගයීම.. ගීත වලට හේතු වුන පසුබිම් කතා වගේම එමගින් හුවා දක්වන ගැඹුරු සමාජ විග්‍රහයන් මේ බ්ලොග් පිටුවෙ සටහන් වෙනෙවා ඇති..


අන්තිමට මම මෙහෙම දෙයක් කියන්නම් ඇරඹුමේ අවසානයට පෙර.. කවීත්වය කියන එක හැමෝටම පිහිටන්නෙ නැහැ... සින්හල ගීතාවලියට පදමාල සපයපු අපේ ගේය පදරචකයන් ඇත්තෙන්ම විශිෂ්ටයි... ඒ සියලු පදරචකයන්ට මේ සද්කර්තව්‍යය උපහාරයක්ම වේවා..!

8 comments:

  1. ඇත්තෙන්ම අලංකාර ඇරඹුමක්, ලලීන්... :)
    "ගීයක මතක පොත" ගීතයට ලැදි කාටත් අමතක නොවන්නක් වේවා යි පතමි!

    ReplyDelete
  2. ගේය පොතක් අස්සෙන් මතුවන රසවත් කතා පොතක් විචාරාත්මකව විඳින්නට ..අපිත් ඉන්නම් ..මග බලාගෙන එහෙනම් ...සුභ පැතුම් ලලීන් ..:)

    ReplyDelete
  3. එකෙක් ලියපු මට නොවැටහුනු, තවකෙකු ගයපු මට නොතේරුණු, ඔබට දැනුනු මට නොදැනුනු රසය සොයා ලුහුබදිමි ...

    ReplyDelete
  4. පට්ටයි මචන්....

    ReplyDelete
  5. ලිඳ ගැඹුරුයි, ලණුව කොටයි...

    ReplyDelete
  6. ලාන්කීය ගීතයේ සොදුරු තැන් සොයා ඔබ යන මේ ගමනට මාගේ මුලු හදවතින්ම සුබ පතමි.....!!!

    ReplyDelete
  7. මේ හරහා ගීතයක නොදන්නා බොහෝ පැතිකඩයන් පිළිබඳ තොරතුරු දැනගැනීමට ලැබීම සතුටක්. සුභ පැතුම්!

    ReplyDelete

Google+